ආහාර පෙට්ටිවලින් වෙන් කර හඳුනාගත නොහැකිව රොබෝ යන්ත්‍රයක් විසින් සේවකයෙක්ව පොඩි කර මරා දමයි

ආහාර පෙට්ටිවලින් වෙන් කර හඳුනාගත නොහැකිව රොබෝ යන්ත්‍රයක් විසින් සේවකයෙක්ව පොඩි කර මරා දමයි

දකුණු කොරියාවේ රොබෝ යන්ත්‍රයක් විසින් ආහාර පෙට්ටිවලින් වෙන් කරගත නොහැකිව සේවකයෙකු පොඩි කර මරා දමා තිබෙනවා.

40 හැවිරිදි මෙම සේවකයා, දකුණු Gyeongsang පළාතේ කෘෂිකාර්මික නිශ්පාදන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක රොබෝ වරයාගේ සංවේදක පරික්ශා කරමින් සිට තිබෙන අතර එහිදී ආහාර පෙට්ටි ඔසවා පැලට් එකක තබමින් සිටි රොබෝ යන්ත්‍රය ක්‍රියා විරහිත වී එම සේවකයාව පෙට්ටියක් ලෙස හඳුනාගෙන ඔහුව ඔසවා conveyer belt එකට තල්ලු කර තිබෙනවා.

පසුගිය අඟහරුවාදා රාත්‍රී 7.45 ට පමණ සිදු වූ මෙම අනතුරින් අදාල සේවකයාගේ මුහුණ සහ පපුව කුඩු වී තිබෙන අතර ඔහුව රෝහලකට යවා තිබුණත් පසුව ඔහු මිය ගොස් තිබෙනවා.
මෙලෙස රොබෝ යන්ත්‍ර නිසා සිදුවූ පළමු අනතුර මෙය නොවන අතර පසුගිය මාර්තු මාසයේදී 50 හැවිරිදි සේවකයෙකු, මෝටර් රථ අමතර කොටස් නිශ්පාදන කම්හලක සේවය කරමින් සිටියදී රොබෝවරයෙකුට හසු වීම නිසා බරපතල තුවාල ලබා තිබුණා.

එසේම පසුගිය ජූලි මාසයේදීත් චෙස් තරඟාවලියකදී රොබෝ යන්ත්‍රයක් විසින් කුඩා ළමයෙකුගේ ඇඟිල්ල කඩා දමා තිබුණා.


Youtube Channel

source :cyberyakku.com