AI Image Generation තුළට ඡායාරූප උඩුගත කර ඔබේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කරගන්නේ ඔබමද ?

AI Image Generation තුළට ඡායාරූප උඩුගත කර ඔබේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කරගන්නේ ඔබමද ?

මේ වෙනකොට ගොඩක් අය PhotoLab වගේ AI image generators හරහා තමන්ගේ ෆොටෝස් එක එක විදියට හදාගන්නවනේ. මේකට අවශ්‍ය වෙන්නෙ ඔයාගේ ෆොටොස් මේ ඇප් වලට අප්ලෝඩ් කරලා පොඩි ටෙක්ස්ට් ප්‍රොම්ට් එකක් දෙන්න විතරමයි. සමහර ඇප් වල ඒවා අවශ්‍යත් නැහැ.

ඔය AI image එක්ක දැන් අලුතෙන්ම කතා වෙන topic එක තමා තමන්ගේ පෞද්ගලිකත්වය. ඉතින් ඔයාගේ ඡායාරූප මේ ඇප් වලට අප්ලොඩ් කරන එක ඔයාගේ පෞද්ගලිකත්වයට කොහොම බලපායි ද?

ඔයාට ඒ ගැන ඔයා පාවිච්චි කරන ඇප් වල privacy policies හරහා බලාගන්න පුලුවන්. ඔයා මේ privacy policy වල agree වෙන්නේ ඒ මුකුත් කියවන්නේ නැතුවනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයා අප්ලෝඩ් කරන ඡායාරූප ඒ ඇප් වල සංවධකයින්ට මැනේජ් කරන්න ඔයා නිකම්ම පර්මිශන් දෙනවා.

එයාලට ඔයාගේ username, email address, phone numbers වගේම ඡායාරූප පවා manage කරන්න ඔයා app එක පාවිච්චි කරනකොට Privacy policy හරහා හැකියාව ලැබෙනවා.

උදාහරණයක් විදියට Photolab.me එකේ ප්‍රයිවසි පොලීසි බැලුවොත් ඔයාලට මේක බලාගන්න පුලුවන්.

ඉතින් ඉස්සරහටවත් ඔයා Photos අප්ලෝඩ් කරනවා නම් ඔයාගේ privacy එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

මොකද ෆොටොස් අප්ලෝඩ් කරලා පස්සෙ පසුතැවෙනවට වඩා කලින් ආරක්ශා වෙන එක තමා Best 🖋.

Youtube Channel

source :cyberyakku.com