artificial intelligence start-up Anthropic වෙත Google විසින් ඩොලර් බිලියන 2ක් ආයෝජනය කරයි

artificial intelligence start-up Anthropic වෙත Google විසින් ඩොලර් බිලියන 2ක් ආයෝජනය කරයි

තාක්ශණික දැවැන්තයෙකු වන Google විසින් Artificial Interlligence Start-up Anthropic වෙත ඩොලර් බිලියන 2ක ආයෝජනයක් සිදු කර තිබෙනවා.

Google invests almost $400 million in ChatGPT rival Anthropic | The Seattle  Times

මෙහි විශේෂත්වය වන්නේ මෙම සතිය මුලදී, Anthropic හී CEO වන Dario Amodei විසින් AI හට මනුශ්‍යත්වය විනාශ කිරීමට 10% – 25% දක්වා අවස්ථාවක් ඇති බවට ප්‍රකාශ කර තිබීමයි.

Google විසින් ඩොලර් මිලියන 500 දැනටමත් ආයෝජනය කර තිබෙන අතර කාලයත් සමග ගෙවීමට අමතර ඩොලර් බිලියන 1.5 ක් වෙන් කර තිබෙනවා.

Google commits to invest $2 billion in OpenAI competitor Anthropic

ChatGPT හී ප්‍රතිවාදී Chatbot එකක් වන Claude 2 නිර්මාණය කිරීම සඳහා Anthropic ප්‍රසිද්ධ වන අතර හිටපු OpenAI විධායකයින් විසින් ආරම්භ කරන ලද Anthropic හී මෙම වසර මුල වටිනාකම ඩොලර් බිලියන 4.1 ක් වී තිබෙනවා.

Google වලට අමතරව Salesforce සහ Zoom වෙතින් ද ඔවුන් අරමුදල් ලබා ගෙන තිබෙන අතර Google හී මෙම ආයෝජනය, AI තාක්ශණය දියුණු කිරීමට ඔවුන් තුළ ඇති අවශ්‍යතාවය සහ Microsoft වැනි අනෙකුත් ප්‍රධාන තාක්ශණික සමාගම් සමග තරග කිරීමට ඇති කැපවීමද පෙන්නුම් කරනවා.

Youtube Channel

source :cyberyakku.com