දත්ත ගබඩා කිරීමෙහි අනාගතය – DNA card තුල දත්ත ගබඩා කරන Biomemory ව්‍යාපෘතිය

දත්ත ගබඩා කිරීමෙහි අනාගතය – DNA card තුල දත්ත ගබඩා කරන Biomemory ව්‍යාපෘතිය

DNA දත්ත ගබඩා කිරීම කියන්නෙ ද්විමය දත්ත ( images,text, video වගෙ) කෘතිම DNA අණු විදියට කේතනය කිරීමේ ක්‍රියාවලියක්.
ඒ වගේම අවශ්‍ය උනාම මේක නැවත ද්විමය විදියට විකේතනය කල හැකියි.

දත්ත ගබඩා කිරීමක් විදිය DNA storage යොදාගන්න ලොකුම හේතුව තමා මේවගෙ තියන මතකය.
එක් DNA ග්‍රෑම් එකකට පුලුවන් 215 petabytes හෝ චිත්‍රපට මිලියන 40කට වැඩි ප්‍රමාණයක දත්ත ගබඩා කරන්න.
ඒ වගේම දෙවැනි වාසිය තමා මෙම DNA නිවරදි තත්වයේ ගබඩා කල විට වසර දහස් ගණනක් ආරක්ෂා කරගත හැකි වනවා.
ඒවගේම අනෙකුත් Storage වලට ඇති තර්ඡනයන් වන විද්‍යුත් චුම්භක බාධා කිරීම්,තාපය හා ජලයට DNA storage ප්‍රතිරෝධී වනවා.

මේවගෙ තියන එක් ප්‍රධාන අවාසියක් තමයි අධික පිරිවැය හා කාලය ගතවිම.
දැනට මෙහි කිලෝබයිට එකක දත්ත ගබඩා කිරීම සදහා $1000ක් පමණ වනවා. එනිසාම මහා පරිමාණ දත්ත සදහා එය විශාල බාධකයක් වනවා.
ඒවගේම මෙම DNA storage තුල දත්ත ගබඩා කිරීමට ලබාගැනීමට විශේශ උපාංග හා මෘදුකාංග අවශ්‍ය වනවා. DNA storage වඩාත් ප්‍රායෝගික හා පරිශීලක හිතකාමී බවට පත් කරන්න වගේම උඩ කියපු දෝෂයන් සදහා පිලියම් සොයන්න ආරම්භ කරපු මහා පරිමාණ ව්‍යාපෘතියක් තමා Biomemory කියන්නෙ.

2021දී ජෛව ඉංජිනේරුවකු හා ව්‍යවසායකයෙකු වන erfane arwani විසින් මෙම biomemory ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
මෙයට biotech හා AI කේන්ද්‍ර කරගත් සමාගමක් වන eureKARE හා නව්‍ය ආරම්භක ව්‍යාපාර සදහා සහය දක්වන ව්‍යාපාර ප්‍රාග්ධන පොදු අරමුදලක් වන franch tech seed fund යුරෝ මිලියන 5ක ආරම්භක ආයෝජනයක් ලබා දී තිබෙනවා.

මෙහි ආරම්භක නවොත්පාදනය ලෙස ක්‍රෙඩිට් කාඩ් පතකට වඩා තරමක් විශාල DNA කාඩ්පතක් නිපදවා තිබෙනවා. කෙසේ නමුත් දැනට මෙහි ආරම්භක දත්ත ගබඩා ප්‍රමාණය දැක්වෙන්නෙ කිලෝබයිට් එකක් විදියට. ඒ කියන්නෙ text එකක ප්‍රමාණයක්.
ඒවගේම උඩ කතාකලා වගේ මේකෙ දැනට කිලෝබයිට් එකක දත්ත ගබඩා කරන්න පැය අටක පමණ කාලයක් ගතවෙනවා.
(දත්ත ලබාගැනීමේ කාලය රහිතව)
ඒවගේම මේ එක් කාඩපතක් දැනට ඩොලර් 1080ක පමණ මිලකින් සමන්විත වෙනවා.

දැනට පවතින Storage කෙරෙහි මෙය තරගකරුවකු නොවුනත් ව්‍යාපෘතිය මගින් ඉදිරියෙදි එය මෙගාබයිට් එකක් සදහා 1$ දක්වා පිරිවැයකට අඩුකරමින් වැඩිදියුණු කිරීමට අරමුණු කර තිබෙනවා.

ඔවුන් ඒ සදහා සාර්ථක වුවහොත් Google drive,i cloud ආදේශකයක් වන දවස වැඩ ඈතක නොවේවි.

Tech & Tips
Welcome to “Tech & Tips” - Your Ultimate Destination for All Things Tech! 🔥 Channel Description 🔥 Are you a tech enthusiast looking to explore the latest gadgets, stay up-to-date with cutting-edge technology, and unlock a world of digital possibilities? Look no further than “Tech & Tips” – your go-to hub for all things tech-related! Whether you’re a seasoned tech-savvy individual or just starting your journey into the digital realm, our channel has something exciting in store for everyone. 🔹 **Tips and Tutorials:** Master your devices and software with our step-by-step tutorials and handy tips. From setting up your new smartphone to mastering intricate software, we’ve got you covered. Subscribe today and become a part of the “Tech & Tips” family! Your adventure in the world of technology starts here.
Youtube Channel

source :cyberyakku.com