Google Maps විසින් ත්‍රිමාණව නගර ගවේශණය කළ හැකි Immersive View tool දියත් කරයි

Google Maps විසින් ත්‍රිමාණව නගර ගවේශණය කළ හැකි Immersive View tool දියත් කරයි

Google Map විසින් “Immersive View” ලෙස හඳුන්වන ඔවුන්ගේ නවතම AI tool එක දියත් කර තිබෙනවා.

මෙම Tool එක හරහා පරිශීළකයන්ට ප්‍රධාන නගර 15ක 3D සිතියම් ගවේශණය කළ හැකි වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ගොඩනැගිලි ඇතුළත පවා මෙම Tool එක හරහා ගවේශණය කළ හැකි වීමයි.

AI හරහා බලගන්වා තිබෙන මෙම Immersive View හරහා පරිශීළකයන්ට, නගර වල නිවැරදි ත්‍රිමාණ ආකෘති ගවේශණය කිරීමට ඉඩකඩ සැළසෙනවා.

මිලියන ගණනක street view images සහ satellite photos ඒකාබද්ධ කරමින් Google සමාගම ලන්ඩන්, ඩබ්ලින් සහ පැරිස් ඇතුළු නගර 15ක මෙම Tool එක දියත් කර තිබෙනවා.

Rolling out this week, the new AI -powered feature will allow users to explore accurate 3D models of cities and even look around the inside of buildings

ඔවුන් පවසන්නේ මේ හරහා පරිශීළකයන්ට දර්ශනීය මාර්ග සොයා ගැනීමට සහ අදාල මාර්ග වල කාලගුණය දැනගැනීමට පහසු වන බවටයි.

පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් Google’s Geo කණ්ඩායමේ VP සහ Chris Philips පැවසුවේ Google map හී ඉදිරි සංවර්ධනය සඳහා AI තාක්ශණය ප්‍රධාන අංගයක් වන බවටයි.

Youtube Channel

source :cyberyakku.com