Google විසින් third-party cookies අක්‍රීය කරමින් ක්‍රෝම් භාවිතා කරන්නන්ගෙන් මිලියන 30 කට ‘Tracking Protection’ නම් විශේෂාංගයක් හඳුන්වා දෙයි

Google විසින් third-party cookies අක්‍රීය කරමින් ක්‍රෝම් භාවිතා කරන්නන්ගෙන් මිලියන 30 කට ‘Tracking Protection’ නම් විශේෂාංගයක් හඳුන්වා දෙයි

Google විසින් ලොව පුරා ක්‍රොම් භාවිතා කරන පරිශීළකයන්ගෙන් 1% කට, එනම් මිලියන 30කට පමණ Tracking Protection නම් විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වී තිබෙනවා.

2024 ජනවාරි මාසයේදී මෙය නිකුත් කිරීමට නියමිත අතර අනෙකුත් සියළුම පරිශීළකයන් සඳහා 2024 දෙවන කාර්තුවේදී මෙය නිකුත් කිරීමට නියමිතයි.

ඒ අනුව එළඹෙන ජනවාරි මස සිට Google විසින් Third-party cookies අක්‍රීය කිරීමට පටන් ගන්නා අතර 2024 අවසානයේදී Google Chrome තුළින් සම්පූර්ණයෙන්ම Third-party cookies ඉවත් කිරීමට සැළසුම් කර තිබෙනවා.

ජනවාරි 4 වන දින අහඹු ලෙස තෝරාගත් පරිශීළකයන් 1% කට මෙම Tracking Protection විශේෂාංගය ලබා දෙන අතර ඔවුන් Chrome browse කරන විට,

“You’re one of the first to Experience Tracking Protection, Which limits sites from using third-party cookies to track you as you browse” යනුවෙන් බ්‍රව්සරය තුළ දැන්වීමක් දිස් වෙනවා.

මේ හරහා විවිධ වෙබ් අඩවි වලට පරිශීළකයන් Track කිරීමේ හැකියාව සීමා වනවා.

බ්ලොග් සටහනකින් Google සඳහන් කළේ  Tracking Protection ප්‍රධාන සංධිස්ථානයක් බවත්, Privacy Sandbox හී මුලපිරීමත් සමග එය මිනිසුන්ගේ පුද්ගලිකත්වය ආරක්ශා කරන තාක්ශණයක් නිර්මාණය කිරීම බවයි.

වෙබයේ පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ කාර්‍ය කිසි විටෙකත් අවසන් නොවන බවත්, ක්‍රොම් සඳහා පරිශීළකයන්ගේ දත්ත ආරක්ශා කරන සහ එය භාවිතා කරන ආකාරය ගැන වැඩි පාලනයක් ලබා දීමටත් හැකි විශේෂාංග ඔවුන් ඉදිරිපත් කරන බවත් Google සමාගම සඳහන් කරනවා.

මෙහිදී Tracking Protection හරහා ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ ආයතන වැනි පරිශීළකයා පිවිසෙන වෙබ් අඩවි වලට වඩා අනෙකුත් වෙබ් අඩවි වන Third-party cookies ඉලක්ක කරනු ලබනවා.

පරිශීළකයන් වෙබ් අඩවියකට පිවිසෙන විට ඔවුන්ගේ පරිගණකයට හෝ දුරකථනයට බාගත වන කුඩා ගොනු විශේෂයක් වනවා.

පරිශීළකයන් විසින් නැවත එම වෙබ් අඩවියට පිවිසෙන සෑම අවස්ථාවකම මෙම Cookies භාවිතා කරන අතර මේ හරහා පහසුවෙන් අදාල වෙබ් අඩවිය භාවිතා කළ හැකි වෙනවා.

 

First-party cookies

පරිශීළකයා පිවිසෙන වෙබ් අඩවියෙන් සැකසී තිබෙනවා.  පරිශීළකයෙකු වරක් පිවිසුන වෙබ් අඩවියකට නැවත වරක් පිවිසෙන විට, අදාල වෙබ් අඩවියේ

settings, Metadata සහ පරිශීළකයන් වෙබය තුළ භාවිතා කළ තොරතුරු මතක තබා ගැනීමට මෙම First-party cookies යොදා ගන්නවා.

උදාහරණයක් ලෙස –  පරිශීළකයෙකු E-commerce වෙබ් අඩවියකට පිවිසුන විට First-party cookies හරහා අදාල වෙබ් අඩවියේ විස්තර ගබඩා කරගන්නා අතර මෙම first-party cookies අවහිර කර තිබුණොත් පරිශීළකයන්ට වෙබ් අඩවියට පිවිසෙන සෑම වතාවකම sign in වීමට සිදු වෙනවා.

 

Third-party cookies

පරිශීළකයා පිවිසෙන වෙබ් අඩවියෙන් නොව දැන්වීම් වෙබ් අඩවි වැනි තෙවන පාර්ශවයකින් පරිගණකයට හෝ දුරකථනයට සැකසෙන මෙම කුකීස්

දැන්වීම්, දත්ත ආරක්ශණය වැනි දෑ සඳහා භාවිතා කරනු ලබනවා.

මෙහිදී මූලික වශයෙන් වයස, ස්ත්‍රී පුරුශ බාවය, පරිශීළක හැසිරීම් වැනි අලෙවිකරණයට වැදගත් වන තොරතුරු රැස් කරනු ලබනවා.

උදාහරණයක් ලෙස – පරිශීළකයෙකු Youtube video ඇති (youtube video embedded කර ඇති) වෙබ් අඩවියකට පිවිසෙන විට Youtube server හරහා cookies සකස් කරන අතර මෙම Cookies විසින් user preferences  track කරන අතර පසුව එම පරිශීළකයා Youtube භාවිතා කරන විට අදාල වෙබ් අඩවියේ තිබුණු වීඩියෝ වැනි වීඩියො පරිශීළකයාට suggest කරනු ලබනවා.

 

Privacy Sandbox

පෞද්ගලිකත්වයට හානියක් නොවන පරිදි පරිශීළක තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා වෙබ් අඩවි වලට වෙබ් ප්‍රමිතීන් නිර්මාණය කිරීමට Google විසින් මෙහෙයවන ලබන ක්‍රියාවලියක් වනවා.

මෙහි මූලික අරමුණ වන්නේ Third-party cookies භාවිතයෙන් තොරව පරිශීළක පුද්ගලික දත්ත, උප කුලකයක් ලෙස බෙදා ගැනීමෙන් වෙළඳ ප්‍රචාරණ සඳහා පහසුකම් සැපයීමයි.

Tech & Tips
Welcome to “Tech & Tips” - Your Ultimate Destination for All Things Tech! 🔥 Channel Description 🔥 Are you a tech enthusiast looking to explore the latest gadgets, stay up-to-date with cutting-edge technology, and unlock a world of digital possibilities? Look no further than “Tech & Tips” – your go-to hub for all things tech-related! Whether you’re a seasoned tech-savvy individual or just starting your journey into the digital realm, our channel has something exciting in store for everyone. 🔹 **Tips and Tutorials:** Master your devices and software with our step-by-step tutorials and handy tips. From setting up your new smartphone to mastering intricate software, we’ve got you covered. Subscribe today and become a part of the “Tech & Tips” family! Your adventure in the world of technology starts here.
Youtube Channel

source :cyberyakku.com