ඉහළ විකිරණ මට්ටම් හේතුවෙන් ප්‍රංශය Apple තහනම් කිරීමත් සමග ජර්මනිය සහ බෙල්ජියම විසින් Apple හි iPhone 12 පිළිබඳ විමර්ශණ ආරම්භ කරයි

ඉහළ විකිරණ මට්ටම් හේතුවෙන් ප්‍රංශය Apple තහනම් කිරීමත් සමග ජර්මනිය සහ බෙල්ජියම විසින් Apple හි iPhone 12 පිළිබඳ විමර්ශණ ආරම්භ කරයි

iPhone උපාංග මගින් නිකුත් කරන විකිරණ බලපෑම් නිසා ප්‍රංශය විසින් එරට iPhone අලෙවිය තහනම් කිරීමෙන් දින දෙකකට පසුව, ජර්මනිය සහ බෙල්ජියම Apple iPhone 12s පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබෙනවා. ඒ මේ හරහා පුද්ගලයින්ගේ සෞඛ්‍යයට ඇති විය හැකි අවදානම් සොයා බැලීම සඳහායි.

ප්‍රංශ පරීක්ශකයන් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අදාල ජංගම දුරකථන පරික්ශා කිරීමේදී ශරීරය විසින් අවශෝෂණය කරන radiofrequency energy (විකිරණ සංඛ්‍යාත ශක්තිය) නීත්‍යානුකූල මට්ටම වන 40% ත් ඉක්මවා ගොස් තිබෙන බවයි.

iPhone 12 ඇතුළු දුරකථන 141 ක් යොදාගෙන සිදු කළ අහඹු පරීක්ශණයකින් පසුවයි ප්‍රංශ පරීක්ශකයන් මෙම ප්‍රකාශය සිදු කර තිබෙන්නේ.

කෙසේ වෙතත් ප්‍රංශයේ මෙම ප්‍රකාශයට විරුද්ධ වෙමින්, iPhone 12 විකිරණ ප්‍රමිතීන්ට අනුකූල බවට ජාත්‍යන්තර ආයතන කිහිපයක්ම සහතික කර තිබෙන බවයි Apple සමාගම පවසන්නේ.

මෙම සිදුවීමත් සමග ජර්මනිය සහ බෙල්ජියම සඳහන් කරන්නේ දැනටමත් ඉතාලිය සහ ස්පාඤ්ඤය මෙම තත්වය පිළිබඳව නිරීක්ශණය කරන නිසා තමන් ප්‍රංශයේ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට ඉඩ තිබෙන බවයි.

iPhone 12 දුරකථන ඩොලර් මිලියන 68.64ක ශුද්ධ විකුණුම් වාර්ථා කරමින් දැනට ලොව පුරා ඒකක මිලියන 100ක් අලෙවි වී තිබෙනවා.

මෙම Radio frequency ආරක්ශිත මට්ටම් ඉක්මවා නොයන බව සහතික කිරීම සඳහා යුරෝපා සංගමය විසින් SAR සඳහා නීති පනවා තිබෙනවා.

Specific absorption rate (SAR) යනු ජංගම දුරකථන වැනි ඉට්‍රොනික උපාංග මගින් විමෝචනය කරන තරංගවලට නිරාවරණය වන විට මිනිස් සිරුරට කොපමණ radio frequency electromagnetiv waves ප්‍රමාණයක් අවශෝෂණය වේද යන්න තීරණය කිරීම සඳහා භාවිතා කරන මිනුමක් වනවා.

අප ජංගම දුරකථනයක් කණට ලං කරගෙන සිටින සහ සාක්කුවේ තබා ගෙන සිටින අවස්ථා දෙකේදීම අපගේ ශරීරයට තරංග වලින් යම් ශක්ති ප්‍රමාණයක් අවශෝෂණය වන අතර SAR හරහා මෙම ශක්ති අවශෝෂණ ප්‍රමාණය මනිනු ලබනවා.

දැනට ආරක්ශිත SAR මට්ටම් වන්නේ

ජංගම දුරකථනයක් කණ හෝ ශරීරය අසළ ඇති විට SAR සීමාව කිලෝග්‍රෑමයට වොට් දෙකක්

සහ

ජංගම දුරකථනය අල්ලාගෙන හෝ සාක්කුවේ තබා ගෙන සිටින විට SAR සීමාව කිලෝග්‍රෑමයට වොට් හතරක් යනුවෙනුයි.

Radio frequencies පාලනය කරන Agence Nationale des Frequences (ANFR) පවසා තිබුණේ රැගෙන යන අවස්ථාවේ Apple iPhone 12 හී SAR මට්ටම කිලෝග්‍රෑමයකට වොට් 5.74ක් ලෙස සටහන් වූ බවයි.

එහෙත් Apple වෙබ් අඩවිය සඳහන් කර තිබෙන්නේ iPhone 12 කන අසල ඇති විට SAR මට්ටම කිලෝග්‍රෑමයට වොට් 0.98 සහ සාක්කුවේ තබා ගෙන සිටින විට SAR මට්ටම කිලෝග්‍රෑමයට වොට් 0.99ක් බවටයි.

කෙසේ නමුත් පරීක්ශණ මගින් ප්‍රංශයේ ප්‍රකාශය සත්‍යය වුවහොත් iPhone උපාංගය දැනට highest radiation ලැයිස්තුවේ ඉහළම සිටින Motorola Edge දුරකථනය පසු කර යනවා.

ප්‍රංශයේ විමර්ශනය සත්‍ය බව ඔප්පු වුවහොත්, එය iPhone එක Motorola Edge සහ ZTE Axon 11 5G වැනි ඉහළම ප්‍රසිද්ධ විමෝචකයන්ට වඩා ඉහළින් තබනු ඇත.  ජර්මනියේ විකිරණ සඳහා වන ෆෙඩරල් කාර්යාලයෙන් 2022 ජංගම දුරකථන විකිරණ නිරාවරණ අනුපාත පිළිබඳ ප්‍රස්ථාරයක්
Youtube Channel

source :cyberyakku.com