ජෛව අවි ප්‍රහාර සැලසුම් කිරීම සඳහා AI chatbots හට උදවු විය හැකි බව නව වාර්තා මගින් සොයා ගනී

ජෛව අවි ප්‍රහාර සැලසුම් කිරීම සඳහා AI chatbots හට උදවු විය හැකි බව නව වාර්තා මගින් සොයා ගනී

Chatbot තුළ ඇති Artificial Interlligence models, ජෛව අවි ප්‍රහාර සැළසුම් කිරීම සඳහා උපකාරී කරගත හැකි බවට US thinktank විසින් සිදු කරන ලද පර්‍යේශණයකින් සොයාගෙන තිබෙනවා.

Rand corporation විසින් විශාල භාශා ආකෘති (LLMs) කිහිපයක්ම පරික්ශා කර තිබෙන අතර එහිදී ඔවුන් සොයාගෙන තිබෙන්නේ මේවාට ජෛව අවි ප්‍රහාරයක් සැළසුම් කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට සහය විය හැකි මාර්ගෝපදේශ සැපයිය හැකි බවටයි.

කෙසේ වෙතත් මූලික සොයා ගැනීම් වලින් පෙන්නුම් කර තිබුණේ LLMs විසින් ආයුධ නිර්මාණය සඳහා පැහැදිලි ජීව විද්‍යාත්මක උපදෙස් ජනනය නොකල බවයි.

1990 ගණන් වලදී ජපානයේ Aum Shinrikyo cult විසින් Botulinum Toxin භාවිතා කිරීමට ගත් උත්සහයන් අසාර්ථක වී තිබුණේ බැක්ටීරියා පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසායි. එහෙත් AI භාවිතා කරමින් එවැනි නොදන්නා කරුණු ඉගෙන ගැනීමට හැකි බවයි වාර්තා මගින් වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ.

ලබන මාසයේදී එක්සත් රාජධානියේ පැවැත්වෙන ගෝලීය AI ආරක්ශක සමුළුවේදී සාකච්ඡා කෙරෙන AI සම්බන්ධ බරපතල තර්ජන අතර මෙම ජෛව අවි පිලිබඳවද ඇතුලත් වෙනවා.

Youtube Channel

source :cyberyakku.com