Keyboard එකෙහි Clicks වලට සවන්දීමෙන් Password crack කරන AI

Keyboard එකෙහි Clicks වලට සවන්දීමෙන් Password crack කරන AI

AI මගින් එල්ල කරන තර්ජනයන් ගැන අපි දිගින් දිගටම ඔබව දැනුවත් කලා.
ඉතින් අද කියන්න යන්නෙ ඒ වගෙ තවත් AI මගින් ඇති කල හැකි තර්ජනයක් ගැන.

පර්යේෂකයන් විසින් keyboard එකෙහි ටයිප් කරන Key ශබ්ද මගින් පරිශීලකයා Type කරන්නේ කුමක්ද යන්න සාර්ථකව පෙන්වන Deep learning model එකක් නිර්මාණය කරල තිබෙනවා.

පර්යේෂකයන් මේ සදහා Zoom හා Skype වැනි Apps තුල Algorithm භාවිතා කර ඇති අතර Zoom සදහා 93% ක Accuracy එකක් මෙන්ම Skype තුලදී 91.7%ක Accuracy එකක් ලබාගන්න පර්යේෂකයන් එහිදි සමත් වෙලා තිබෙනවා.

එලෙසම පර්යේෂකයන් MacBook pro එකක key 36ක් 25 වතාවක් තද කර iphone 13 mini දුරකථනයක් භාවිතයෙන් මෙම AI model එක පුහුණු කිරීමට අවශ්‍ය යතුරු මගින් නිපදවන ශබිදය පටිගත කර තිබු අතර 13 mini මගින් ශබ්දය පටිගත කර තිබුනේ Macbook එකට 17cm ඇතක සිටයි.

පුහුණු කිරීමෙන් පසු ඔවුන් දත්ත භාවිතයෙන් නිරවද්‍යතාව පරික්ෂා කල අතර එහිදි පෙනී ගියේ ලැප්ටොප් එකෙහි zoom in-built recording හරහා කල record එක 93% ක නිරවද්‍යතාවක් හා iphone 13 mini හරහා කල record එකෙහිදි එය 95%ක නිරවද්‍යතාවක් අත් කර ගත් බවයි.

Youtube Channel

Source:cyberyakku.com