මයික්‍රොසොෆ්ට් විසින් ඩොලර් මිලියන 76කට විස්කොන්සින් වට්ටක්කා ගොවිපලක් මිලදී ගනියි

මයික්‍රොසොෆ්ට් විසින් ඩොලර් මිලියන 76කට විස්කොන්සින් වට්ටක්කා ගොවිපලක් මිලදී ගනියි

විස්කොන්සින් හී පවුලක් විසින් ඔවුන්ගේ ඉඩමෙන් අක්කර 407ක් ඩොලර් මිලියන 76ක මුදලකට Microsoft සමාගමට විකිණීමට එකඟ වී තිබෙනවා.

කෙසේ වෙතත් Microsoft සිදු කළ මෙම ගෙවීම අදාල ඉඩමේ වර්ථමාන තක්සේරු අගයට වඩා විශාළ අතර Creuziger පවුලේ මෙම ඉඩම මුලින් 2023 වසරේදී $174,200 ක මුදලකට තක්සේරු කර තිබුණත් පසුව යම් වැඩි දියුණු කිරීම් හරහා මෙය $598,400ක මුදලකට ඉහළ ගොස් ඇති බව Mount Pleasant හී ඉඩම් තක්සේරුකරු වන Dan McHugh පවසා තිබෙනවා.

අදාල ප්‍රදේශයේ Data Center Campus එකක් ඉදි කිරීම සඳහා Microsoft විසින් මෙලෙස Mount Pleasant ප්‍රදේශයේ ඉඩම් මිළදී ගෙන තිබෙන අතර එම Data center එක සඳහා ඩොලර් බිලියනයකට වඩා ආයෝජනය කිරීමටද ඔවුන් සැළසුම් කරනවා.

දැනට Microsoft විසින් අදාල Data center සඳහා සේවකයින් 200 බඳවා ගැනීමට සැළසුම් කර තිබෙන අතර, කාලයත් සමග එම රැකියා ප්‍රමාණය 460කට වඩා වැඩි විය හැකි බව Milwaukee විසින් Bussiness Journal වෙත වාර්ථා කර තිබෙනවා.

Foxconn Technology group සමග Wsconsin හී ප්‍රාදේශීය ආණ්ඩුව ඇති කරගත් ගිවිසුමක කොටසක් ලෙස එම ගිවිසුමේ මුදලින් තුනෙන් එකක් පමණ Creuziger පවුල සඳහා 2017 වසරේදී පිරිනැමුවත් ඔවුන් එය ප්‍රතික්ශේප කර තිබුණේ වඩා හොඳ දීමනාවක් ලබා ගැනීමටයි.

” පවුලේ අය ගමට සහ Microsoft හට සුභ පතනවා සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන අයව ඔවුන් අගය කරනවා” යනුවෙන් එම පවුලේ නීතිඥ ඩේවිඩ් බාන්ස් විසින් Bussiness Journal වෙත සඳහන් කර තිබුණා.

 

Tech & Tips
Welcome to “Tech & Tips” - Your Ultimate Destination for All Things Tech! 🔥 Channel Description 🔥 Are you a tech enthusiast looking to explore the latest gadgets, stay up-to-date with cutting-edge technology, and unlock a world of digital possibilities? Look no further than “Tech & Tips” – your go-to hub for all things tech-related! Whether you’re a seasoned tech-savvy individual or just starting your journey into the digital realm, our channel has something exciting in store for everyone. 🔹 **Tips and Tutorials:** Master your devices and software with our step-by-step tutorials and handy tips. From setting up your new smartphone to mastering intricate software, we’ve got you covered. Subscribe today and become a part of the “Tech & Tips” family! Your adventure in the world of technology starts here.
Youtube Channel

source – bussiness journal ,the verge