Netenrich පර්‍යේශකයන් විසින් FraudGPT නම් භයානක AI tool එකක් සොයාගනියි

Netenrich පර්‍යේශකයන් විසින් FraudGPT නම් භයානක AI tool එකක් සොයාගනියි

Netenrich හී පර්‍යේශකයන් විසින් “FraudGPT” නම් නව AI Tool එකක් සොයාගෙන තිබෙනවා. මෙම AI Bot විශේෂයෙන් නිර්මාණය කර තිබෙන්නේ phishing email යැවීම, cracking tool සංවර්ධනය කිරීම සහ carding සිදු කිරීම යනාදී නීති විරෝධී malicious කාර්‍යයන් සඳහායි. මෙම යෙදුම Dark web marcket place සහ Telegram යෙදුම තුළින් මිලදී ගැනීමට දැනට හැකියාව තිබෙනවා.

FraudGPT යෙදුම ChatGPT යෙදුමට බෙහෙවින් සමාන වනවා. සෑම සතියකම හෝ දෙකකට වරක් යෙදුමට යවත්කාලීන ලබා දෙන අතර යෙදුම සඳහා විවිධ වර්ග වල AI භාවිතා කරනු ලබනවා.

FraudGPT භාවිත කිරීම සඳහා ගෙවීමට සිදු වන අතර එහිදී, මාසික දායකත්වය සඳහා $200ක් ද, වාර්ශික දායකත්වය සඳහා $1700 ද වනවා.

Netenrich පර්‍යේශකයන් විසින් මෙම යෙදුම මිලදී ගෙන පරික්ශා කර තිබුණු අතර ඔවුන් පවසන්නේ මෙම යෙදුම ChatGPT හී layout එකට සමාන බවයි.

පර්‍යේශකයන් විසින් පළමු වරට phishing email නිර්මාණය කිරීමක් අත්හදා බැලූ අතර එහිදී FraudGPT හට එම කාර්‍ය නිම සඳහා අවශ්‍ය වූයේ පරිශීළකයා අදාල බැංකුවේ නම පමණක් ආදානය කිරීම බවට එම පර්‍යේශකයන් පවසනවා.

එසේම Netenrich කණ්ඩායම සොයාගෙන තිබුණේ FraudGPT සැපයුම්කරු විසින් මීට පෙර කුළියට ගැනීම සඳහා hacking services ප්‍රචාරය කර තිබෙන බවයි.

මේ යෙදුම හරහා හැකර් වරුන්ට ඔවුන්ගේ කාලය ඉතිරිකරගත හැකි අතර තත්පර කිහිපයකින් phishing emails නිර්මාණය කළ හැකි බවට පර්‍යේශකයන් සඳහන් කරනවා.

Youtube Channel

Source:cyberyakku.com