OpenAI විසින් පරිශීළකයින් හට ඔවුන්ගේම ChatGPT නිර්මාණය කර මුදල් ඉපැයීම සඳහා නව වේදිකාවක් එළි දක්වයි

OpenAI විසින් පරිශීළකයින් හට ඔවුන්ගේම ChatGPT නිර්මාණය කර මුදල් ඉපැයීම සඳහා නව වේදිකාවක් එළි දක්වයි

පරිශීළකයන් හට ඔවුන්ගේම ChatGPT versions නිර්මාණය කිරීමට සහ මුදල් ඉපැයීම සඳහා OpenAI විසින් නව Platform එකක් එළි දක්වා තිබෙනවා.

San Francisco හී පැවති OpenAI First developer day උත්සවයේදී එළි දක්වන ලද මෙම GPTs හී විශේෂත්වය වන්නේ පරිශීළකයන්ට කිසිදු programming දැනුමක් නොමැතිව පවා ඔවුන්ගේම ChatGPT නිර්මාණය කළ හැකි වීමයි.

ChatGPT හී custom versions ලෙස ක්‍රියා කරන GPTs, විවිධ අරමුණු සඳහා භාවිතා කළ හැකි වෙනවා. උදාහරණයක් ලෙස විවිධ ව්‍යාපාර හට ඔවුන්ගේ දත්ත ඇතුළත් කරමින් ඔවුන්ගේ ව්‍යාපාරයට custom GPT එකක් නිර්මාණය කළ හැකි අතර එයට ඔවුන්ගේ සේවකයින්ට පමණක් අවසර ලබා දිය හැකියි.

OpenAI විසින් GPT Store ලෙස හඳුන්වන වෙළඳපලක්ද මෙම මස අගදී ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ හරහා පරිශීළකයන්ට ඔවුන් නිර්මාණය කරන Custom GPT, මෙම GPT Store හරහා අනෙක් අයගේ භාවිතයට ලබා දී මුදල් ඉපැයීමටද හැකියාව ලැබෙනවා.
මෙහිදී පුද්ගලයින් කොපමණ ප්‍රමාණයක් ඔවුන්ගේ Chatbot භාවිතා කරනවාද යන්න මත පදනම්ව මුදල් ගෙවීමට නියමිතයි.

රහස්‍යතා ගැටළු නිසා OpenAI පවසන්නේ පරිශීළකයන් සහ ඔවුන්ගේ GPT අතර ඇති වන කතාබස් සමාගම හෝ වෙනත් අය සමග බෙදා නොගන්නා බවයි. එසේම Chatbot නිර්මාණය කරන පරිශීළකයින්ට අනෙක් පුද්ගලයින් ඔවුන්ගේ Chatbot සමග සිදු කරන කතාබස් පවා දැකිය නොහැකි වෙනවා.

එසේම පරිශීළකයන්ට වංචනික ක්‍රියාකාරකම්, ද්වේශ සහගත අන්තර්ගතයන් හො වැඩිහිටි තේමාවන් ඇතුළත් chatbot නිර්මාණය කිරීම වැළැක්වීම සඳහා විවිධ පද්ධති ක්‍රියාත්මක වන බවද OpenAI සමාගම පවසනවා.

GPT නිර්මාණය කිරීම සඳහා පරිශීළකයන් විසින් ChatGPT Plus හෝ ChatGPT Enterprise for businesses ලබා ගත යුතු අතර Subcribe වූ පසුව personal account එකෙහි ඇති “Create a GPT ” හරහා ඔවුන්‍ට ChatGPT එකක් නිර්මාණය කළ හැකි වෙනවා.

Youtube Channel

source :cyberyakku.com