පළමු වර මෙක්සිකෝ කොංග්‍රසයට ඉදිරිපත් කළ මළ සිරුරු සැබෑ ඒවා බව ඔප්පු කිරීම සඳහා මාධ්‍යවේදීන් සහ වෛද්‍යවරුන් විසින් නව සාක්ෂි සහිතව දෙවන වරටත් මෙක්සිකෝවේ කොන්ග්‍රසයට පැමිණෙයි

පළමු වර මෙක්සිකෝ කොංග්‍රසයට ඉදිරිපත් කළ මළ සිරුරු සැබෑ ඒවා බව ඔප්පු කිරීම සඳහා මාධ්‍යවේදීන් සහ වෛද්‍යවරුන් විසින් නව සාක්ෂි සහිතව දෙවන වරටත් මෙක්සිකෝවේ කොන්ග්‍රසයට පැමිණෙයි

මීට පෙර මාසයකදී පේරු රාජ්‍යයෙන් සොයාගත් පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කරන ලද මළ සිරුරු දෙකක් පළමු වරට මෙක්සිකෝ කොන්ග්‍රසයට ඉදිරිපත් කිරීමත් සමග එය විශාළ මතභේදයකට තුඩු දුන් අතර දැන් දෙවන වරටත් එම මළ සිරුරු සැබෑ ඒවා බවට සාක්ශි සහිතව වෛද්‍යවරුන් සහ මාධ්‍යවේදීන් මෙක්සිකෝ කොන්ග්‍රසයේ දෙවැනි සැසියක් පවත්වා තිබෙනවා.

Jaime Maussan නම් මාධ්‍යවේදියෙකු විසින් මෙය මෙහෙයවූ අතර මෙම මළ සිරුරු, වරක් ජීවත් වූ ජීවීන්ගේ සැබෑ මළ සිරුරු බවට ඔප්පු කිරීම සඳහා වෛද්‍යවරුන් කණ්ඩායමක්ද ගෙන්වා ගෙන තිබුණා.

නව ඡායාරූප සහ X-කිරණ අඟහරුවාදා කොන්ග්‍රසයට පෙන්වූ අතර පර්යේෂකයන් ප්‍රකාශ කළේ 'මෙම ජීවීන්ගේ භෞතික හා ජීව විද්‍යාත්මක ගොඩනැගීමට කිසිසේත්ම මිනිස් මැදිහත්වීමක් නොතිබූ' බවයි.  කණ්ඩායම සත්‍ය වූ සමාන නිදර්ශක අධ්‍යයනය කළ බව කියා සිටියේය (ඡායාරූපයේ)

පසු ගිය අඟහරුවාදා දින, Clara සහ Mauricio ලෙස හඳුන්වන මෙම මළ සිරුරු වල නව ඡායාරූප සහ x ray මෙක්සිකෝ කොන්ග්‍රසයට ඉදිරිපත් කළ අතර පර්‍යේශකයන් සඳහන් කළේ එම පින්තූර සහ X ray එම මළ සිරුරු සැබෑ ඒවා බවට ඔප්පු කරන බවටයි.

UFO උද්යෝගිමත් සහ මාධ්‍යවේදියෙකු වන Jaime Maussan (ඡායාරූපයේ) වෛද්‍යවරුන් පෙළක් ඉදිරිපත් කළේය, ඔවුන් සියල්ලෝම කියා සිටියේ සිරුරු සැබෑ, වරක් ජීවත් වූ ජීවීන්ගේ ඒවා බවයි - සමහරු කියා සිටියේ 'වසර හතරක් පුරා සමාන නිදර්ශක පහක්' අධ්‍යයනය කළ බවයි.

එසේම විද්‍යාඥයන් විසින් එම මළ සිරුරු වල DNA දෙමුහුන් බවට පෙන්වා දුන් අතර එම සිරුරු මිනිසුන්ගෙන් පැවත එන්නක් බවටද යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් මේවා පිටසක්වල සිරුරු බවට සඳහන් නොකළ අතර එම සිරුරු වල මූලාරම්භ කතාවක් පවා ප්‍රකාශ කර තිබුණේ නැහැ.

Youtube Channel

source :cyberyakku.com