පර්යේෂකයන් විසින් සරල text commands හරහා 3D worlds generate කළ හැකි ‘3D-GPT’ නම් AI පද්ධතියක් එළි දක්වයි

පර්යේෂකයන් විසින් සරල text commands හරහා 3D worlds generate කළ හැකි ‘3D-GPT’ නම් AI පද්ධතියක් එළි දක්වයි

Australian National University, The University of Oxford සහ The Beijing Academy of Artificial Interlligence හී පර්‍යේශකයන් විසින් ‘3D-GPT’ නමින් නව AI පද්ධතියක් නිර්මාණය කර තිබෙනවා.

ණය: arxiv.org

පරිශීළකයෙකු විසින් ඉදිරිපත් කරන සරල Text command එකක් හරහා සරලව 3D Models නිර්මාණය කළ හැකි මෙම AI පද්ධතිය, සාම්ප්‍රදායික 3D modeling Workflow වලට වඩා වඩාත් කාර්‍යක්ශම සහ අවබෝධාත්මක ශිල්ප ක්‍රම ඉදිරිපත් කරනු ලබනවා.

මෙම 3D-GPT හට 3D modeling task ප්‍රවේශ විය හැකි කොටස් වලට බෙදීමට සහ එම එක් එක් කාර්‍යය සඳහා සුදුසු AI Agent කෙනෙකු පත් කිරීමට හැකියාව තිබෙන අතර එක් එක් Text prompt වෙනමම අවබෝධ කරගැනීමට සහ modeling function ක්‍රියාත්මක කිරීම සඳහා මෙය විවිධ AI agents ලාද භාවිතා කරනු ලබනවා.

arxiv.org

මෙම 3D GPT AI පද්ධතියට Text Instruction විග්‍රහ කරන “Task Dispatch Agent” කෙනෙකු, Initial Description වලදී මග හැරෙන විස්තර එකතු කරන “Conceptualization Agent” කෙනෙකු සහ Blender වැනි 3D software ධාවනය කිරීමට parameterd සකස් කර code generate කරනු ලබන “Modeling Agent” යන Key Agents ලා ඇතුළත් වෙනවා.

Modeling process කොටස් වලට බෙදා ඒවාට විශේෂිත නියෝජිතයෙකු පැවරීම හරහා 3D-GPT හට text prompt අර්ථ නිරූපණය කිරීමට,අමතර විස්තර සහිතව වැඩි දියුණු කරමින් අවසානයේ පරිශීලකයාට අවශ්‍ය දේට ගැළපෙන 3D assets නිර්මාණය කළ හැකි වෙනවා.

Youtube Channel

source :cyberyakku.com