සිය “suicide capsules” එක ප්‍රථම වරට මෙම වසරේදී භාවිතා කරන බවට Dr Death ප්‍රකාශ කරයි

සිය “suicide capsules” එක ප්‍රථම වරට මෙම වසරේදී භාවිතා කරන බවට Dr Death ප්‍රකාශ කරයි


Dr. Death ලෙස හඳුන්වන ආචාර්‍ය ෆිලිප් නිට්ෂ්කේ විසින් වේදනා රහිත මරණයක් සඳහා නිර්මාණය කරන ලද Sucide capsule එක මෙම වසරේදී භාවිතා කිරීමට සූදානම් බවට ප්‍රකාශ කර තිබෙනවා.

ආචාර්‍ය ෆිලිප් පවසා තිබුණේ ” අප එය භාවිතා කිරීමට සූදානම්. එය ප්‍රථම වරට භාවිතා කිරීමට කැමති පුද්ගලයින් ගණනාවක් සමග අපි කතා කළා” යනුවෙනුයි.

$4,000 (£ 3,100) – $8,000 (£ 6,200) අතර වියදමකින් මෙම කැප්සූලය නිර්මාණය කර තිබෙන අතර දැන් එය ස්විස්ටර්ලන්තයේ භාවිතය සඳහා නිකුත් කිරීමේ අවසන් අදියරේ පවතිනවා.

” මෙය භාවිතා කිරීමට පෙර තවත් නීතිමය ගැටළු නොමැති බවට වග බලා ගැනීම සඳහා මම පසුගිය සතියේ ස්විස්ටර්ලන්තයේ සිට අපගේ ස්විස්ටර්ලන්ත නීතිවේදීන් සමග කතා කළා” යනුවෙන් ආචාර්‍ය ෆිලිප් පවසනවා.

එසේම ආචාර්‍ය ෆිලිප් විසින් මෙම කැප්සූලය ක්‍රියාත්මක වන ආකාරයද සඳහන් කරනවා.

ඒ අනුව පුද්ගලයෙකු අදාල යන්ත්‍රය තුළට ගිය පසු ඔහුගෙන් ප්‍රශ්ණ තුනක් අසන අතර ඔවුන් එම ප්‍රශ්ණ වලට පිළිතුරු දුන් පසු යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අදාල බොත්තම එබිය හැකි වෙනවා.

“ඔබ කවුද ? ඔබ කොහේද ? සහ බොත්තම එබුවොත් මොකද වෙන්නේ කියලා ඔබ දන්නවද ? ” යන ප්‍රශ්ණ තුන මෙම යන්ත්‍රය විසින් අසනු ලබනවා.

දැනට මෙම කැප්සූලය භාවිතා කළ හැකි එකම රට වන්නේද ස්විස්ටර්ලන්තයයි. ඒ සියදිවි නසා ගැනීම සඳහා 1942 සිට එරට තුළ නීත්‍යානුකූල නිසායි.

sarco pod භාවිතා කිරීම සඳහා පුද්ගලයෙකු Exit International හී සාමාජිකයෙකු විය යුතු අතර එහිදී ලියාපදිංචිය සඳහා $100 ක මුදලක් වැය වනවා. එයට අමතරව වෙනත් කිසිමා වියදමක් නොමැති වුවත් ස්විස්ටර්ලන්ත නීතියට අනුව, තම ජීවිතය අත් හැරීම සඳහා ඔවුන්ට එසේ කිරීමට මානසික හැකියාවක් තිබිය යුතු වෙනවා.

Youtube Channel

Source:cyberyakku.com