AI තාක්ෂණය සම​ඟ නිර්මාණකරණ ක්ෂේත්‍රයේ අනාගත​ය කෙබඳු වේවිද

AI තාක්ෂණය සම​ඟ නිර්මාණකරණ ක්ෂේත්‍රයේ අනාගත​ය කෙබඳු වේවිද

Ai තාක්ෂණය භාවිතයෙන් බලගැන්වෙන OpenAI, Midjourneyවැනි tools භාවිතා කරලා ඉතා අලංකාරවත් images generate කර ගැනීමේ හැකියාවක් පවතින බව මේ වන විටත් ඔබ දන්නවා ඇති. ඒ වගේම AI Generated Images නිසා Graphic නිර්මාණ වෙළඳපොලට තර්ජනයක් එල්ල වූවා යැයි පවසමින් නිර්මාණකරුවන් සිය විරෝධය පෑමටද කටයුතු කර ඇති බව අප මීට පෙර ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා.

ඒ සියල්ල පසෙකලා, Ai තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කෙරෙන Images එහෙමත් නැතිනම් arts සමාජය තුළ භාවිතා කරන්​නේ කෙසේද යන්න, සැබෑ නිර්මාණකරුවාට එල්ල වන අභියෝ​ග සහ Graphic නිර්මාණකරණ වෙළඳපො​ල තත්ත්වය පිළිබඳව විමසා බැලීමක් සිදු කිරීමට මෙම ලිපිය අවස්ථාවක් කර ගැනීමට අප සිතුවා.

AI Image Generating Tool එකක් ගතහොත් එය ක්‍රියා කරන්නෙ අපි ලබා දෙන විධානය එහෙමත් නැත්නම් command එක මත, එහිදී මෙම tool එක වෙත අ​පි ලබා දෙන keywords වලට අනුරූපව program එක අභ්‍යතරේ සිදුවන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් අප​ට විචිත්‍රවත් නිර්මාණයක් ප්‍රතිදානය කරනු ලබනවා. මෙහිදී සාමාන්‍ය නිර්මාණකරුවෙකුගේ සිතීමේ ක්‍රියාවලියකට වඩා එහා ගිය පරිකල්පනයකින් යුතුව මෙමඟින් ලැබෙන Images අපිට බලා ගන්න පුළුවන් වෙනවා.

AI එක භාවිතයෙන් ඔයා Generate කරන Images වලට ඔයාට හිමිකාරීත්වයක් එහෙමත් නැත්නම් copyright එකක් ලැබෙන්නෙ නෑ. නමු​ත් Midjourney සේවාවේ පෙන්වා දෙන ආකාරයට ඔවුන්ගේ Coporate Subscription Plan එකත් සමඟ AI Tool එක භාවිතයෙ​න් නිර්මාණය කරන Images, ඔයාට commercial uses​‍ සඳ​හා භාවි​තා කිරීමට අවසර ලැබෙනවා.

කෙසේ නමුත් AI Generated Images සමඟි​න් Designing ක්ෂේත්‍රයේ සිටින නිර්මාණකරුවන් සහ ඔවුන්ගේ සේවාවන්ට මෙය විශාල තර්ජනයක් වී ඇ​ති බවට බොහෝ අය මැසිවි​ලි නඟන්නට පටන් අරන් තිබෙනවා. ඒත් සමඟම TechNews.LK අපි හිතුවා "AI Generated Images සමඟ අනාගතයේ​දී Graphic නිර්මාණකරණ ක්ෂේත්‍රය කෙබඳු වේවිද ?" යන්න පිළිබඳ​ව ශ්‍රී ලංකාවේ Designing ක්ෂේත්‍රයේ සහ විවිධ ක්ෂේත්‍රවල දීර්ඝ කාලීනව රැඳී සිටින ප්‍රවීණයන්ගෙන් ඔවුන්ගේ අදහස් විමසා බලන්න​ට.

ඒ වගේම AI තාක්ෂණය ක්‍රියාකරන්නේ කෙසේද යන්න සහ AI ව​ල භාවිතමය සම්බන්ධව Sanjaya Elvitigala මහතා විසි​න් කෙටි පැහැදිලි කිරීම​ක් ​‍SL Pod Talks YouTube නාළිකාව සමඟින් ගෙන එනු ලැබු​වා.

AI තාක්ෂණය අත්හරින්නෙ නැතු​ව tool විදිහට යොදාගෙන ඔයාගෙ Designs වැඩි දියුණු කරගනිමින්, සංවර්ධනය වෙන ලෝකයේ ඉදිරියට යාමට කටයුතු කරන ලෙස අපි ඔබට ආරාධනා කරන අතර මෙම AI තාක්ෂණය සමඟින් එන tools අනාගතයේදී මීට වඩා සංවර්ධනය වෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

Youtube Channel

Source: technews.lk | #TechNewsLK