AI එපා - නිර්මාණකරුවන් විරෝධතාවය​ක

AI එපා - නිර්මාණකරුවන් විරෝධතාවය​ක

Artstation කියන්නෙ ලොව පුරා නිර්මාණකරුවන්ගේ නිර්මාණ එහෙමත් නැත්නම් content showcase කරන්න පුළුවන් community platform එකක් කිවහොත් අප නිවැරදියි. ඒ හරහා නිර්මාණකරුවන්ට තම නිර්මාණ සමාජගත කිරීමට අවස්ථාව ලැබෙන අතර සේවාදායකයන්ට ​තම සේවාවන් විකිණීමටද හැකියාව ලැබෙනවා.

Artificial Intelegence (AI) එහෙමත් නැත්නම් කෘතීම බුද්ධිය භාවිතා කරමින් Images Generate කිරීමේ තාක්ෂණයක් දින ගණනාවක සිට ලොව පුරා දැඩි කතා බහට ලක්වී තිබෙනවා. Midjourney, OpenAI වැනි තාක්ෂණික මෙවලම් භාවිතයෙන් Keyword එකක් යොදාගෙන විවිධ Images Generate කර ගැනීමේ හැකියාව තිබෙන මෙහි ඇති විශේෂත්වය නම් මිනිසෙකු විසින් සිතා නිර්මාණය කරන නිර්මාණයකට වඩා විචිත්‍රත්වයක් මෙම AI Generated Images වල තිබීමයි.

ඉකුත් සැප්තැම්බර් මාසයේ​දී ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු Art Competition එකක​දී AI තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කෙරුණු Art එකක් එම තරඟය ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ සමඟ​ම ​එම තරඟාවලිය සඳහා සහභාගී වී තිබුණු අනෙකුත් නිර්මාණකරුවන් ඔවුන්​ගේ අප්‍රසාදය AI Image Generating Tools වෙත එල්ල කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් සති ගණනාවක සිට විවි​ධ පුද්ගලයන් විසි​න් Artstation හි AI Generated Images විශාල වශයෙන් showcase කිරීමට පටන් ගැනීමත් සමඟ එහි සිටින සැබෑ නිර්මානකරුවන් හට එය විශාල ලෙස තර්ජනයක් වී තිබෙන​වා. එම නි​සා සැ​බෑ නිර්මාණකරුවන් රැසක් එකතු වී AI Generated Images, Artstaion වේදිකා​ව තුළ පළ කිරීමට විරෝධ​ය දක්වමින් #NoToAIGeneratedImages නමින් campaign එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම විෂය ක්ෂේත්‍ර​යේ ප්‍රවීණයන් රැසක් AI Generated Images එම වේදිකාව තුළ පළ කිරීම සහ ඉදිරියේදී නිර්මාණකරුවන් සහ නිර්මා​ණ වෙළඳපො​ල පිළිබඳ ඔවුන්ගේ අදහස් වගේම මේ සඳ​හා විරෝධ​ය දැක්වීමට කටයුතු කර තිබෙනු අපට දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

කෙසේ වෙතත් පසුව Artstation ආයතනය විසින් ඔවුන්ගේ වේදිකාව තුළ AI Generated Images වලට එරෙහිව ඇති වී තිබෙන විරෝධය පිළිබඳව අදහස් දක්වනු ලැබුවා. එහිදී ඔවුන් පවසා සිටියේ AI Generated Images එම වේදිකාවෙන් ඉවත් නොකරන බවත් ඒ සඳහා වන Terms and Conditions සහ Copyright Policies කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව​යි.

Youtube Channel

Source: technews.lk | #TechNewsLK