WinRAR තුලින් හැක් වීමේ අවදානමක්. "මෘදුකාංගය යාවත්කාලීන කරන්නැයි උපදෙස්."

WinRAR තුලින් හැක් වීමේ අවදානමක්. "මෘදුකාංගය යාවත්කාලීන කරන්නැයි උපදෙස්."

ඔයා තාමත් භාවිතා කරන්නෙ WinRAR එකෙ පරන version එකක්ද..? එහෙනම් දන්නවද WinRAR හි පරන version එකෙ තමන් Hack වීමේ අවදානමක් තියනව කියල.

පර්යේෂකයන් අගොස්තු මාසයේ නිකුත් කල 6.23 version එකට පෙර WinRAR version තුල Vulnerability එකක් හදුනාගෙන තිබෙනවා.
ඒ රුසියානු හා චීන හැකර්වරුන් විසින් මෙම WinRAR Vulnerability එක භාවිතා කරමින් සයිබර් ප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

මෙම අවදානම මගින් හැකර්වරුන්ට ඉලක්කයක මතකයට ප්‍රවේශවීමට මෙන්ම දුරස්තව සිට කේත ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබාදෙනවා.

WinRAR හඅ 6.23 version එක මගින් මෙම අවදානම නිවරදි කර තිබුනද software එක Automatically update නොවන බැවින් පරිශීලකයන්ට නව යාවත්කාලීනය download කර install කල යුතු වනවා.
එලෙසම මෙම මස මුල ඔවුන් නව bug fix කීපයක් සමගින් නවතම version එක වන 6.24 නිකුත් කර තිබෙනවා.

 

Download WinRAR – VERSION 6.23

Download WinRAR – VERSION 6.24

Youtube Channel

source :cyberyakku.com